බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවෙයි (Photos)

පවතින අධික වර්ෂාවත් සමඟ අද (15) බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවී තිබෙනවා.
මෙම තත්වයෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය ද අවහිර වී තිබූ අතර අඩි හතරක පමණ මාර්ගය ජලය පිරී ගොස් තිබුණා.
ශිෂ්‍යත්ව විභාගය අවසන්ව නිවෙස් බලා යාමට පැමිණි සිසුන් හා දෙමව්පියන් මේ හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
ඡායාරූප – සමාජ මාධ්‍ය




