ගම්පොළ පාසලක් තුළ සිදු වූ පිපිරීමකින් සිසුන් තිදෙනෙකුට තුවාල

ගම්පොළ පාසලක් තුළ සිදු වූ පිපිරීමකින් සිසුන් තිදෙනෙකුට තුවාල

ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් මාවතුර කලෛමහල් දෙමළ විද්‍යාල භූමියේ දී මෙම පිපිරීම සිදුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (16) සිදු වූ මෙම පිපිරීමෙන් තුවාල ලද සිසුන් තිදෙනා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි.

මේ වනවිට සිසුන් දෙදෙනෙක් ප්‍රතිකාර ලබා පිටත්ව ගොස් තිබෙන අතර, එක් සිසුවෙක් තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා. ඔහු 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.

පිපිරීමත් සමග නේවාසිකව ප්‍රතිකාර ලබන සිසුවාගේ සපත්තුව කැඩී ගොස් පාදයට හානී සිදු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප පොලීසියෙන් කළ විමසීමක දී සඳහන් කළේ එලෙස පුපුරා ගියේ කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි.