ඇෆ්ගනිස්තානයට ලකුණු 289ක ඉලක්කයක්

ඇෆ්ගනිස්තානයට ලකුණු 289ක ඉලක්කයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරඟය මේ වනවිට පැවත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට සමත් වූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුව පන්දුව පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබාදීමට තීරණය කළා.

ඇෆ්ගනිස්තාන ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 288ක් රැස් කළා.

තරඟය ජයගැනීම සඳහා ඇෆ්ගනිස්තානයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 289කි.