ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි

ඇඳහැලෙන අධික වර්ෂාව සමග ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය මිරිස්ස නගරය ආසන්නයෙන් ජලයෙන් යටව තිබෙනවා.
මේ හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති අතර, ව්‍යාපාරික ස්ථාන ඇතුළු බොහෝ තැන් ජලයෙන් වටවී ඇති බව වාර්තාවෙනවා.
දකුණු පළාතේ ජනප්‍රිය සංචාරක පුරවරයක් වන මිරිස්ස නගරය මෙලෙස වැසි ජලයෙන් යටවීමට හේතුව අවිධිමත් කාණු පද්ධතිය සහ අනවසර ඉදිරිකිරීම් බව ප්‍රදේශවාසින් ප්‍රකාශ කළා.

