පෙම් පුවතක් ඝාතනයකින් අවසන්වෙයි

ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇතිවු ගැටුමක් දුරදිග යෑමෙන් අද (18) අලුයම රත්තොට නිකලොයවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.
මෙලෙස මියගොස් තිබෙන්නේ 39 හැවිරිදි පුද්ගලයෙක්.
පහරකෑමට ලක්වූ මෙම පුද්ගලයා මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වෙනවා.
ඝාතනය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් 05 දෙනෙකු රත්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුගේ දියණියක් සමඟ ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බව විමර්ශනවල දී අනාවරණය වූ බවයි.

