බස් රථ අනතුරකින් 15ක් රෝහලේ

අනුරාධපුර සිට කොළඹ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද (18) අනතුරක් සිදුවුනා.
ඒ A9 මාර්ගයේ මරදන්කඩවල ප්‍රදේශයේ 105 හා 106 කිලෝමීටරය අතර වංගුවකදී යි.
පොලිසිය පැවසුවේ අදාළ අනතුරින් එම බස් රථයේ ගමන්ගත් මගීන් 15 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මරදන්කඩවල රෝහල වෙත ඇතුළත් කළ බවයි.
බරපතල තත්ත්වයේ පසු වූ කිහිප දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
පාසල් ළමුන් දෙදෙනෙක් ද අනතුරින් තුවාල ලත් පිරිස අතර වේ.
අනතුරට පත් බස් රථය හා මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන එහි රියදුරු වැඩිදුර විමර්ශන සදහා මේ වනවිට මරදන්කඩවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

