ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (18) ඉහළ ගොස් තිබෙනවා.
ගාසා රෝහලට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයෙන් පසු මෙම ඉහළ යාම සිදු ඇති බවයි වාර්තාවෙන්නේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ තෙල් බැරලයක මිල ඩොලර් 91යි ශත 65ක් ලෙස සටහන් කරමින්, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 2%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම ඇමෙරිකානු WTI තෙල් බැරලයක මිල ද, ඩොලර් 88යි ශත 57ක් ලෙස 2.2%කින් පමණ ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
ඊශ්‍රායල හමුදාව ගාසා තීරය ආක්‍රමණය කර එය දිගුකාලීනව අත්පත් කරගෙන සිටීමේ තත්ත්වයක් ඇති වුවහොත්, ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවනු ඇති බව ඔස්ට්‍රේලියානු පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුවේ විශ්ලේෂකයන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

