සය නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙකු මියයයි

සය නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙකු මියයයි

සය නිවුන් දරුවන් අතරින් එක් දරුවෙක් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (18) උදෑසන මියගොස් තිබෙනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේ දරුවාගේ පෙණහළුවලට රුධිර ගලනයක් සිදුවීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට අනාවරණය වූ බවයි.