ඇල්ල – වැල්ලවාය මාර්ගය වැසෙයි

ඇල්ල – වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ මවුන්ට් හෝටලය අසල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීම් කර ඇත්තේ විකල්ප මාර්ගය ලෙස හපුතලේ, බෙරගල මාර්ගය භාවිත කරන ලෙසයි.

