බංගලාදේශයෙන් ඉන්දියාවට අභියෝගාත්මක ඉලක්කයක්

2023 ලෝක කුසලාන තරඟාවලියේ 17 වන තරඟය අද (19) ඉන්දියාවේ Pune හි Maharashtra Cricket Association Stadium හිදි සත්කාරක ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.
අද තරඟයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායක Najmul Hossain Shanto විසින් දිනාගත් අතර, ඔහු තම කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ප්රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 256ක් රැස්කරගැනීමට සමත්වුනා.
එහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ Litton Das හතරේ පහර 7ක් සමග පන්දු 82ක දී ලකුණු 66ක් රැස්කරගනු ලැබුවා.
Tanzid Hasan පන්දු 43ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමග වේගවත් ඉනිමක් ක්රීඩා කරමින් ලකුණු 51ක් රැස්කරගැනීමට සමත්වුනා.
අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව ඉහළට එසවූ Mahmudullah පන්දුවක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමඟලකුණු 46ක් රැස්කරගැනීමට හැකිවුනා.
මේ අනුව ඉන්දීය කණ්ඩායම ජයගැනීමට ලකුණු 257ක ඉලක්කයක්.

