ප්‍රමිතියෙන් තොර ඖෂධය ගෙන්වීම ගැන විධිමත් පරීක්ෂණක් කර නෑ

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යංශය විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මෙම ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ආරම්භ කිරීමට තිබිය දී ඖෂධ සැපයීම් අංශයේ නිලධාරීන් වෙනත් අංශවලට ස්ථාන මාරුවීම් කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කළා.

