පාකිස්ථානයට ලකුණු 368ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 18 වැනි තරඟය වන ඔස්ට්‍රේලියා සහ පාකිස්ථාන අතර තරඟය අද (20) බැංගලෝර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනූ පාකිස්තානු නායක බාබර් අසාම් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ඔස්ට්‍රේලියාවට ආරාධනා කළා.
පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 367ක් ලබා ගැනීමට සමත් වුණා.
මිචෙල් මාෂ් සහ ඩේවිඩ් වෝනර්, පළමු කඩුල්ල සඳහා ලකුණු 259ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වුණා.
ඒ අනුව මිචෙල් මාෂ් ලකුණු 121ක් සහ ඩේවිඩ් වෝනර් ලකුණු 163ක් සමඟ ශතක දෙකකින් ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව අලංකාර කළා.
සුපිරි පන්දු යැවීමක නිරත වූ ශහින් ශා අෆ්රිඩී ලකුණු 54කට කඩුලු 05ක් දවා ගැනීමට සමත්වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසෙන පාකිස්ථාන කණ්ඩායමට ලකුණු 368ක ඉලක්කයක් ලබාගැනීමට සිදුවේ.

