2024 අයවැය ඉදිරිපත් කිරීමට සූදානමක්

2024 අයවැය ඉදිරිපත් කිරීමට සූදානමක්

2024 අයවැය නොවැම්බර් 13 දින දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම අයවැය දෙවනවර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 14 වන දා සිට දින 07ක් පැවැත්වෙන බව වාර්තා වෙනවා.

මේ සඳහා අදාළ ඡන්ද විමසීම 21 වන දා සවස 6ට පැවැත්වීමට නියමිතයි.

2024 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කමිටු අදියරේ විවාදය 22 වැනි දා සිට දින 19ක් පැවැත්වෙන අතර, අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වනදා සවස 6ට පැවැත් වෙන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.