කොළඹ නගරයට අලුත් සැලසුමක්

කොළඹ නගරයට අලුත් සැලසුමක්

කොළඹ නගරය වැසි ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා ගත හැකි පියවර පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කරන ලෙස කොළඹ නගර සභාවට නිර්දේශ කර තිබෙනවා.

පසුගියදා රැස් වූ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් එම නියෝගය නිකුත් කල බව වාර්තා වෙනවා.

මහජනතාව ගේ දෛනික කටයුතුවලට ද දැඩි බලපෑමක් එල්ල කරමින් ඇදහැලෙන අධිවැසි තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී මේ සම්බන්වධව විශේෂ අවධානය යොමු කළා.

ඒ අනුව මෙම ගැටලුව සඳහා සැලසුමක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව කොළඹ නගර සභාවට නිර්දේශ කර තිබෙන බව වැඩි දුරටත් වාර්තා වෙනවා.