බේකරි නිෂ්පාදනවල මිලත් ඉහළ යන ලකුණු

බේකරි නිෂ්පාදනවල මිලත් ඉහළ යන ලකුණු

ඉදිරියේ දී ඉන්ධන ගෑස් හෝ විදුලි ගාස්තු තවදුරටත් ඉහළ ගියහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන් ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ, ඊයේ (20) සිදු කළ විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදු නොකළ ද, මේ වන විට අධික පිරිවැය හේතුවෙන් බේකරි කර්මාන්තකරුවන් දැඩි දුෂ්කරතාවට පත් ව සිටින බවයි.

”මේ කර්මාන්තයට අවශ්‍ය කරන සියලුම දේවල්වල මිල ඉහළ යනවා. දෙසැරයක් ගෑස් මිල වැඩි වුණා. ඉන්ධන මිල දෙපාරක් විතර වැඩි වුණා. විදුලි බිල සියයට 200කින් විතර වැඩි වෙලා තියෙනවා. දැන් තුන් වැනි පාරටත් ඊයේ විදුලි බිල වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ බදු ප්‍රතිපත්තිය ඉතාමත්ම අසාධාණ ලෙස බේකරි හිමියන්ට බලපාලා තියෙනවා. පාන්ගෙඩියට සියයට දෙකහමාරක් ගෙවන්න ඕනේ. පාන් හැර සියලුම බේකරි නිෂ්පාදනවලට සියයට 17.5ක් ගෙවන්න ඕනේ. ආණ්ඩුවට මේ ගෙවීම කීයටවත් සිදු කරන්න බැහැ. අපි රජයට රතු එළියක් දල්වනවා මේ වෙලාවේ මින් ඉදිරියට ගෑස් හරි ඩීසල් හරි ලයිට් බිල හරි වැඩි වුණොත් අපිට අනිවාර්යෙන් මිල වැඩි කිරීමක් කරන්න සිදු වෙනවා.”

-සමස්ත ලංකා බේකරි හිමියන් ගේ සංගමය-