ලක්ෂ පහකට රැකියා අහිමිවෙයි

විවිධ කර්මාන්ත ශාලා සහ සේවා ස්ථාන 2000කට ආසන්න සංඛ්‍යාවක් 2023 වර්ෂය වන විට වැසීගොස් තිබෙනවා.
මේ හේතුවෙන් පන්ලක්ෂ තිස් තුන් දහස් අටසිය පනස් අටකට ( 533858) ගිය වසරේ දී රැකියා අහිමි වී තිබෙන බව වාර්තා වෙනවා.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා සහ විවිධ තොරතුරු අනුව එය සනාථ වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කරනවා.
පසුගිය වසරේ පළමු කාර්තුව තුළ සේවා නියුක්ත පිරිසෙන් සියයට 66.1 ක් පැය 40 හෝ ඊට වඩා වැඩි පැය ගණනක් වැඩ කර ඇති නමුත් එම වර්ෂයේ හතරවැනි කාර්තුවේදී පැය 40 හා ඊට වඩා වැඩියෙන් වැඩ කළ ප්‍රමාණය සියයට 61.7 ක් දක්වා අඩුවී ඇති බවද වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කළා.
2022 වර්ෂයේ ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය (ශ්‍රම බලකායට සහභාගීවන ප්‍රමාණය) සියයට 51.2 සිට සියයට 48.9 ක් දක්වා අඩුවී ඇති බව මහාචාර්යවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව වයස අවුරුදු 20-29 අතර තරුණ පිරිස්වල රැකියා නැතිකම (සේවා වියුක්තිය) සියයට 14.2 සිට සියයට 17.2 දක්වා වැඩිවී ඇතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

