තීක්ෂණ ආබාධයකට ලක්වෙයි

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන මහීෂ් තීක්ෂණ මස්පිඬු ආබාධයක් හේතුවෙන් ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව තිබෙනවා.
ඔහුට ඊයේ (21) නෙදර්ලන්තය සමඟ පැවති තරගයේදී මෙම අනතුර සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.
එහිදී තීක්ෂණ සිය ඕවර 10 සම්පූර්ණ කළ අතර ලකුණු 44ක් ලබා දෙමින් නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වර්ඩ්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.
කෙසේ වෙතත් මහීෂ් තීක්ෂණගේ ඉදිරි තරග සම්බන්ධයෙන් තීරණය ගැනීමට හැකියාවක් පවතින්නේ ස්කෑන් පරීක්ෂණයෙන් පසුව බවයි වාර්තා වන්නේ.

