විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය අවධාරණය කළේ නීත්‍යානුකූලව බැංකු ක්‍රම හරහා රටට මුදල් එවන විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයනය සඳහා ආයනය බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවයි.
මෙවැනි දිරිදීම් මඟින් විදෙස් ප්‍රේෂණ 75%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ දමාගැනීමට හැකියාව ලැබී ඇති බවත්, මේ වසරේ මුල් මාස නමයේ දී ලැබී තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 4345ක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළා.
නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ මෙරටට මුදල් එවූ ශ්‍රී ලාංකිකයින් සඳහා ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර 318ක් නිකුත් කර ඇති අතර, ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන තිස් අටක මුදලක් මෙරටට ලැබී ඇති බව වාර්තා වෙනවා.
මෙම වාහන ආයනය කරනු ලබන සියලු දෙනාටම රේගු දෙපාර්තමේන්තුව විසින් අය කරනු ලබන සම්පූර්ණ තීරු බදු ඇතුළු අනෙකුත් බදු මුදල් ගෙවීමට සිදුවන අතර, එම මුදල් රාජ්‍ය ආදායමට එක්වීමට නියමිතයි.

