පවුල් ආරවුලක් ජීවිත වන්දියෙන් අවසන්

පූගොඩ ප්රදේශයේ සැමියකු විසින් ඊයේ (23) සිය බිරිඳව ඝාතනය කර ඔහු ද සිය දිවි නසා ගෙන තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ වයස අවුරුදු 46ක පූගොඩ මණ්ඩාවල ප්රදේශයේ පදිංචි කාන්තාවක්.
ඇයගේ සැමියා නිවසේ මුළුතැන්ගෙය තුළදී බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර, ඔහුද නිවසට මීටර 300 ක් පමණ දුරින් පිහිටි කුරුඳු වත්තක දී ගෙලවැළලාගෙන සිය දිවි නසාගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
පූගොඩ පොලිසිය සඳහන් කළේ පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

