ප්‍රබල පකිස්ථානයට එරෙහිව ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්

ප්‍රබල පකිස්ථානයට එරෙහිව ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය ඇෆ්ගනිස්ථානය කඩුලු 8කින් ජය ගැනීමට ඊයේ (23) සමත්විය.

චෙන්නයිහිදී පැවැති තරගයේ ජයග්‍රහණයට ලකුණු 253ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථානය, පන්දුවාර 49කදී තරගය ජයගත්තේ කඩුලු 2ක් දැවී සිටියදී ය.

චෙන්නායිහි, චිදම්බරම් ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය හිමිකරගත් පකිස්ථානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඒ අනුව පකිස්ථාන ඉනිම ආරම්භ කළේ, අබ්දුල්ලා ශෆීක් සමගින් ඉමාම් -උල් – හක්.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් ගොඩනැගුවේ ය.

ඉමාම් – උල් – හක් ලකුණු 17යි.

අබ්දුල්ලා ශෆීක් අද වාර්තා කළේ, 3 වැනි එක් දින අර්ධ ශතකයයි.

ඔහු ලකුණු 58කට දැවී ගි‍යේ ය.

මොහොමඩ් රිස්වාන් ලකුණු 8යි.

30 වැනි එක් දින අර්ධ ශතකයද සමගින් පකිස්ථාන නායක බාබර් අසාම් ලකුණු 74ක් රැස් කිරීමට සමත් විය.

ශඩාබ් ඛාන් සහ ඉෆ්ටිකාර් අහමඩ් ලකුණු 40 බැගින් ලබාගත් හ.

නූර් අහමඩ් කඩුලු 3යි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය කඩුලු 7ක් දැවී ලකුණු 282 ක් රැස් කළේ ය.

ලකුණු 283ක ඉලක්කයකින් ඇෆ්ගනිස්ථාන ඉනිම ආරම්භ කළේ, රහ්මනුල්ලා ගුර්බාස් සහ ඊබ්‍රහිම් සද්රාන් විසිනි.

ඔවුන් දෙදෙනා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ ලකුණු 130ක සම්බන්ධතාවක් ගොඩනගමිනි.

3 වැනි එක් දින අර්ධ ශතකයද සමගින් රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 65ක් රැස් කළේ ය.

අනතුරුව පිටියට පිවිසි Rahmat Shah සහ නායක Hashmatullah Shahidi සාර්ථකව ඇෆ්ගනිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Rahmat Shah හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමග පන්දු 84කදී ලකුණු 77ක් රැස්කරගත්තේය.

නායක Hashmatullah Shahidi පන්දු 45කට මුහුණදෙමින් හතරේ පහර 4ක් සමග ලකුණු 48ක් රැස්කරගත්තේය.

මෙම සුපිරි ජයත් සමග ඇෆ්ගනිස්තානය ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.