මැලේසියාවේ දී ශ්රී ලාංකික යුවළක් ජීවිතයට සමුදෙයි

මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී සිදුවූ රිය අනතුරකින් ශ්රී ලාංකික යුවළක් මියගොස් තිබෙනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරු ලෙස මැලේසියාවේ රැකියාවේ නිරත වූ යුවළක්.
මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පිහිටි සිය නිවස ආසන්නයේ දී ඔවුන් පැදවූ මෝටර් රථයේ වෙනත් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේ ඔවුන්ගේ කුඩා දියණිය ද රථයේ සිට ඇති අතර ඇයට හානියක් සිදුව නොමැත.
මියගොස් ඇති කාන්තාව 33 හැවිරිදි වියේ පසුවූ අතර ඇයගේ සැමියා 35 හැවිරිදි වියේ පසුවිය.
ඔවුන්ගේ දේහයන් මෙරටට ගෙන්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

