මිල පාලනයෙන් ‘ඔරිජිනල්’ ඖෂධ රටට ලැබෙයිද?

මිල පාලනයෙන් ‘ඔරිජිනල්’ ඖෂධ රටට ලැබෙයිද?

ඖෂධ කිහිපයක මිල පාලනයට යටත් කර තිබෙන නිසා එම ඖෂධවල ප්‍රමිතිගත ඖෂධ (Original) රටට නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ හල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ප්‍රකාශ කරනවා.

රට තුළ අළෙවි කරන ඖෂධ වර්ග 1260 කින් ඖෂධ 60 කට පමණ මෙම පාලන මිල පනවා ඇති බවත්, එම පාලන මිල නිසා ස්නායු රෝග, වේදනා නාශක ඇතුළු ඖෂධ වර්ගවල ප්‍රමිතිගත ඖෂධ රටට ගෙන්වීමට ඒවායේ ආනයනකරුවන් කටයුතු නොකරන තත්ත්වයක් මතුව තිබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඒ අනුව දැනට ක්‍රියාත්මක මිල පාලනය වෙනුවට මිල සූත්‍රයක් හඳුන්වාදෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වෙනවා.

මිල සූත්‍රය මඟින් ආනයනකරු, තොග සැපයුම්කරු, සිල්ලර වෙළෙන්දාට ඖෂධ සැපයිය යුත්තේ කුමන මිලකට ද යන්න තීරණය වන බව ගන්කන්ද මහතා වැඩි දුරටත් සඳහන් කළා.