ශ්‍රි පාදස්ථානාධිපති හිමිගෙන් දැඩි තීරණයක්

ශ්‍රි පාදස්ථානාධිපති හිමිගෙන් දැඩි තීරණයක්

ශ්‍රී පාදස්ථානයේ විදුලි පරිභෝජනය වෙනුවෙන් කිසිදු අවස්ථාවක මුදල් ගෙවීමක් සිදු නොකරන බව ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි ප්‍රකාශ කර තිබෙනවා.

එළඹෙන ශ්‍රිපාද සමය පිළිබඳ පැවති සාකච්ඡාවක දී ශ්‍රි පාදස්ථානාධිපති හිමි මේ බව ප්‍රකාශ කළ බව වාර්තා වෙනවා.

ධම්මදින්න හිමි වැඩිදුරටත් පැවසුවේ එසේ මුදල් අයකිරීමක් ඉතිහාසය පුරා සිදුව නොමැති බවයි.

මේ අතර, විදුලි බිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ රැසක දී ඊයේ රාත්‍රියේ විරෝධතා පැවැත්වුණා.