බිරිඳ ඝාතනය කර වළදැමූ සැමියෙක් අත්අඩංගුවට

බිරිඳ ඝාතනය කර වළදැමූ සැමියෙක් අත්අඩංගුවට

සිය බිරිඳ ඝාතනය කර නිවස පිටුපස වළ දැමූ සැකකරුවෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්ව තිබෙන්නේ වයස අවුරුදු 22ක කාන්තාවක්.

පොලීසිය පැවසුවේ මුල්ලියාවේලි නිරාවිපිඩ්ඩි ප්‍රදේශයේ සිය නිවසේ දී බිරිඳ සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සැකකරු මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

සිය දියණියගේ දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මියගිය කාන්තාවගේ මව දියණියගේ නිවසට ගොස් පරීක්ෂා කර ඇති අතර, තම දියණිය නොසිටීම හේතුවෙන් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වෙනවා.

පොලීසිය කළ විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී හෙළිවී තිබෙන්නේ පසුගිය 21 වැනිදා රාත්‍රියේ තම බිරිඳ ඝාතනය කර ඇති බවයි.

මළ සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාන්චෝලය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

COMMENTS