වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වූ හෙද හෙදියන් යළිත් සේවයට

රජයේ හෙද සේවයේ ශ්‍රේණි හතරක හෙද හෙදියන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබූ තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් ඊයේ (24) නිකුත් කර තිබේ.
එසේ ම, දැනට විශ්‍රාම ගෙන තිබෙන අදාළ ශ්‍රේණිවල නිලධාරීන් යළි සේවයට එක්කර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දී තිබේ

