කොරියානු යුද නෞකාවක් කොළඹ වරායට

දකුණු කොරියානු නාවික හමුදාවට අයත් ක්වාන්ගාතෝ යුද නෞකාව අද(26) කොළඹ වරායට සේන්දු වුණා.
දකුණු කොරියානු නාවික හමුදාව ප්රකාශ කළේ, ඉන්දු – පැසිෆික් ක්රමෝපාය යටතේ දකුණු ආසියාතික පාර්ශ්වකරුවන් සමඟ ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් එය ශ්රී ලංකාවට පැමිණි බවයි.
එම අවස්ථාවට කොරියානු ශ්රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.
දකුණු කොරියානු යුද නෞකාවක් මීට පෙර දිවයිනට පැමිණ තිබුණේ, 2017 ඔක්තෝබර් මාසයෙයි.
එම නෞකාවේ දිග මීටර් එකසීය තිස් පහක් වන අතර, නැව් මුළුව දෙසිය හතළිස් නවයකගෙන් සමන්විතයි.
ක්වාන්ගාතෝ නෞකාව අනිද්දා දිවයිනෙන් පිටත්වීමට නියමිතයි.
මෙම නෞකාව සාමුහික ආරක්ෂාව, ප්රතිත්රස්ත මෙහෙයුම් සහ කොරියානු හා අනෙකුත් නෞකාවල ආරක්ෂාව සැපයීම අරමුණු කරගත් කොරියානු නාවික හමුදාවේ මුහුදු කොල්ල වැළැක්වීමේ ඒකකයට අයත් නෞකාවක් බව වැඩිදුරටත් වාර්තා වෙනවා.



