මෙවර සිරිපා වන්දනා සමය දෙසැ. 26 උඳුවප් පෝදා ඇරඹේ

මෙවර සිරිපා වන්දනා සමය (2023-2024) දෙසැම්බර් 26 වැනිදාට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනෙන් ආරම්භ වේ.
2024 මැයි මස යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන් වන්දනා සමය නිමා වීමට නියමිත බව ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පැල්මඬුල්ල රාජමහා විහාරය හා රත්නපුර පොත්ගුල් රාජමහා විහාරය යන උභය විහාරාධිපති, ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පැවසූහ. රත්නපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිරිපා වන්දනා වාරය සම්බන්ධයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

