ආසියානු පැරා ක්‍රීඩා උළෙලෙන් ලංකාවට රිදී පදක්කම්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලෙන් ලංකාවට රිදී පදක්කම්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ අනිල් ප්‍රසන්න රිදී පදක්කමක් දිනාගෙන තිබෙනවා.
ඒ පිරිමි මීටර් 100 (T63) ඉසව්වෙන් තත්පර 12.98ක් සටහන් කර ගනිමින්.

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී නුවන් ඉන්දික ද රිදී පදක්කමක් දිනා ගත්තා.
ඒ පිරිමි දුර පැනීමේ (T64) ඉසව්වෙන්.

එමෙන්ම ගලීනා බස්නායක ද රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
ඒ මීටර් 400 කාන්තා නිදහස් ආර පිහිනුම් (S9) ඉසව්වෙන් බවයි වාර්තා වන්නේ.

2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ නවීඩ් රහීම් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.
ඒ පිරිමි මීටර් 400 නිදහස් ආර පිහිනුම් (S9) ඉසව්වෙන්.