පාකිස්ථානයෙන් 271ක ඉලක්කයක්

පාකිස්ථානයෙන් 271ක ඉලක්කයක්

2023 එක්දින ලෝක කුසලානයේ 26 වැනි තරඟය වන පාකිස්ථාන – දකුණු අප්‍රිකා තරඟය අද (27) පස්වරු 02.00 චෙන්නායිහි දී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනාගත් පාකිස්ථානය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 46යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 270ක් රැස්කළා.

පාකිස්තානය වෙනුවෙන් නායක Babar Azam පන්දු 65ක දී හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමඟ ලකුණු 50ක් රැස්කරගත්තා.

Saud Shakeel හතරේ පහර 7ක් සමඟ පන්දු 52ක දී ලකුණු 52ක් රැස්කළා.

අගනා පන්දු යැවීමක නිරතවූ Tabraiz Shamsi ලකුණු 60කට කඩුලු 10ක් දවාගත්තා.

Marco Jansen කඩුලු 3ක් දවාගත් අතර Gerald Coetzee එක කඩුල්ලක් දවගැනීමට සමවුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාව ලකුණු 271ක ඉලක්කයක් හඹා යමින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසිමට නියමිතයි.