වෛද්‍ය පීඨ විරෝධතාවේ කැඳවුම්කරු අත්අඩංගුවට

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (27) සංවිධාන කළ විරෝධතා පාගමනකට පොලිසිය අවස්ථා දෙකක දී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
පොලිසිය විසින් එම කමිටුවේ කැඳවුම්කරු ඇතුළු සිසුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.
කොළඹ මහවැලි කෙන්ද්‍රය අසලින් මෙම පාගමන ආරම්භ වූ විරෝධතාව ‘හොර උපාධි කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු’ යන මැයෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් මෙම පාගමන සංවිධානය කර තිබුණා.
විරෝධතාකරුවන් නෙළුම් පොකුණ දෙසට ගමන් ආරම්භ කළ අතර, විරෝධතාකරුවන්ට විසිර යන ලෙසට පොලීසිය නිවේදනය කළ ද එය නොතකා ඔවුන් ඉදිරියට පැමිණීම සමඟ පොලිසිය ඔවුන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
ප්‍රහාරය හමුවේ විහාර මහාදේවි උද්‍යානය හරහා ප්‍රධාන මාර්ගයට පැමිණි ඔවුන් යළි මහවැලි කේන්ද්‍රය අසලට පැමිණ පාගමන ආරම්භ කිරීමට උත්සාහ කළා.
ඒ අනුව විරෝධතාව අතරතුර දී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඇතුළු තවත් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.

