ATM වලින් කෝටියක් සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

පොලිස් වසම් 18ක ATM කුටි අසල රැඳී සිටිමින් මුදල් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් මුළා කර, ඔවුන් සතුව තිබෙන ATM කාඩ්පත් සූක්ෂම ලෙස සොරාගෙන රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයන් දෙදෙනකු කඩුවෙළ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා සමඟ වංචාව සඳහා යොදාගත් ATM කාඩ්පත් 13ක්, අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 20කට අධික ප්‍රමාණයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගත් බව වාර්තා වෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ කඩුවෙළ විහාර මාවතේ විශේෂ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සැකකරුවන් පැමිණි යතුරුපැදිය නවතා එයට අදාළ ලිපි ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරුවන් සතුව තිබී ATM කාඩ්පත් 13ක්, යතුරුපැදි කරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 15 මිලිගෑම් 300ක් හා පසු පැදිකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 5 මිලිගෑම් 600ක් තිබී හමු වූ බවයිි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බොරලැස්ගමුව දිවුලපිටිය පන්සල පාර පදිංචිකරුවන් දෙදෙනෙක් බව පොසිලිය වැඩිදුරටත් සඳහන් කළා.

