අලුතින් පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක් බඳවා ගැනේ

අලුතින් පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක් බඳවා ගැනේ

පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය

සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර තුනක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් පිරිසක් මෙලෙස බඳවා ගන්නා බවද ඔහු සඳහන් කළේය.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.