ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි

ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි

හැටන් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමට ඉතා ආසන්න බැවින් පහළ ප්‍රදේශවල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවරයා දැනුම් දෙනවා.

අධික වර්ෂාවත් සමඟ විමලසුරෙන්ද්‍ර ජලාශය අද(01) උදෑසන සිට වාන් දමන බව වාර්තා වෙනවා.

ඉදිරි පැය 36 තුළ ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ට වඩා තද වැසි සමඟ අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව සඳහන් කළා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ බදුල්ල, කොළඹ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල සහ කුරුණෑගල මහනුවර සහ මතලේ දිස්ත්‍රික්කවලට අදාළව තවදුරටත් නායයෑමේ අවධානම් පවතින බවයි.