රැමිස් ව්‍යාපෘතිය ලබන මස සිට – මුදල් රාජ්‍ය ඇමැති

බදු හා සම්බන්ධ කටයුතු විද්‍යුත්කරණය කිරීමේ රැමිස් ව්‍යාපෘතිය ලබන මාසයේ (දෙසැම්බර්) සිට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
බදු හා සම්බන්ධ සියලු කටයුතු වඩාත් නිවැරදි හා කාර්යක්ෂම ආකාරයෙන් සිදු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
ව්‍යාපෘතිය 2013 වසරේ දී ආරම්භ කළ ද, මේ හා සම්බන්ධ පනත් වරින්වර සංශෝධනය වීම , ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය අරමුදල් නොමැතිවීම වැනි කරුණු හේතුවෙන් ව්‍යාපෘතිය නිම කිරීමට දීර්ඝ කාලයක් ගතවූ බව වාර්තා වෙනවා.
මේ වන විට රට තුළ එක් එක් පුද්ගලයන් හා ආයතන ලබාදෙන දත්ත මත පදනම්ව බදු අයකිරීමේ ක්‍රමවේදයක් බවත්, නව විද්‍යුත් ක්‍රමවේදය මගින් නිශ්චිත හා නිවැරදි දත්ත විද්‍යුත් ක්‍රමවේදයකට අනුව ගබඩා වීම තුළින් වඩාත් සාධාරණ හා නිවැරදි බදු ක්‍රමයක් ඇති වන බව ආමාත්‍යවරයා ප්‍රකාශ කළා.
නව ක්‍රමවේදය මඟින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව , ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආදී ආයතන එකිනෙක හා සම්බන්ධවීමට හැකියාව ලැබේ.
එමෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා බදු ගෙවන්නන්හට මාර්ග ගත ක්‍රමය මඟින් අවශ්‍ය තොරතුරු වහාම ලබාගැනීමට අවස්ථාව උදාවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

