වලවේ ගඟ දෙපස ජනතාවට විශේෂ දැනුම්දීමක්

ජල පෝෂක ප්රදේශවලට පවතින අධික වැසි සහිත තත්ත්වයත් සමඟ උඩවලව ජලාශය පිරී යමින් පවතින බව වාර්තා වෙනවා.
මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ඒකකය සඳහන් කළේ ඉදිරි පැය 48 තුළ උඩවලව ජලාශය වාන් දැමීම ආරම්භ වන බවයි.
ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ඒකකය වැඩිදුරටත් පවසනවා.
ඒ අනුව උඩවලව ජලාශයෙන් පහළ වලවේ ගඟ දෙපස පහත්බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

