අදත් තද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරුවේ තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල හෙට උදෑසන කාලයේ දී ද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල හෙට උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක්ද පැවතිය හැකියි.
ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්නතුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

