රට යළි ඇද වැටීමට ඉඩ දෙන්නේ නෑ – ජනපති

රට යළි ඇද වැටීමට ඉඩ දෙන්නේ නෑ               – ජනපති

2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය වැනි තත්ත්වයකට යළිත් රට ඇද වැටීම වැළැක්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නෙලුම් පොකුණ රගහලේ ඊයේ(01) පැවති ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන උළෙලට එක්වෙමින්.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම පිළිබද 12 වන වටයේ සාකච්ඡා ඊයේ කොළඹ දී අවසන් වුණා.

ජනාධිපති වැඩිදුරටත් කියා සිටියේ ලංකාවේ පවතින ප්‍රධාන අපනයන වෙළඳපොළ පවත්වාගෙන යමින් අපනයන විවිධාංගීකරණය සමඟ ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් සමඟ ඒකාබද්ධ වීම ශ්‍රී ලංකාවේ අරමුණ බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි ඇරඹීමේ අරමුණනින් ප්‍රධාන සාකච්ඡාකරු ලෙස ශ්‍රී ආනන්ත් ස්වරාප් ඇතුළු නිලධාරින් 19 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙරට සංචාරය කිරීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.

COMMENTS