අමෙරිකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් අද ලංකාවට

අමෙරිකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් අද ලංකාවට

අමෙරිකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් අද (07) මෙරට ට පැමිණෙන බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය.

අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය කෝපරේෂන් හි ප්‍රධාන විධායක නිලධාරී, ස්කොට් නේතන් ඒ අනුව දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙයි.

ඔහු දෙදිනක් මෙරට රැඳී සිටීමට නියමිතය.

ඒ අතරතුරදී සිය ආයතනය මගින් ආයෝජනය කිරීමට නියමිත ව්‍යාපෘති කිහිපයක් සඳහා අත්සන් තැබීමට නියමිත බව එම නිවේදනයෙහි දැක්වෙයි.