අයහපත් වර්ෂාවෙන් මාර්ග කිහිපයක් අවහිරවෙයි

අයහපත් වර්ෂාවෙන් මාර්ග කිහිපයක් අවහිරවෙයි

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය වරකාපොල උඩුකුඹුර ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

ඒ එම මාර්ගය හරහා ගසක් කඩා වැටීම හේතුවෙන්.

පොලීසිය සඳහන් කළේ වන විට මාර්ගය යථා තත්තවයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

එමෙන්ම බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බවයි.

COMMENTS