කෝලිගේ වත්කම් හෙළිකරයි

ඉන්දීය විශිෂ්ඨ ක්‍රිකට් පිතිකරුවෙකු වන විරාත් කෝලිගේ ශුද්ධ වත්කම ඉන්දීය රුපියල් කෝටි 1500ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 5903ක්) දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම මූල්‍ය වටිනාකම දැනට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඇති ඉහළම අගය වන අතර ඔහු ටෙස්ට් තරඟයක් සඳහා තරඟ ගාස්තුව වශයෙන් අය කරන මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 15ක්.
කෝලි ව්‍යාපාර සන්නාම 18කට අධික ප්‍රමාණයක පෙනී සිටින අතර, එක් වෙළෙඳ දැන්වීමක් රූගත කිරීම් සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 8 සිට 10 දක්වා ගාස්තුවක් අය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) ගිවිසුමෙන් කෝලි වාර්ෂිකව රුපියල් කෝටි 15ක් උපයන අතර, ඔහු ව්‍යාපාර ආයතන හතක් සඳහා මුදල් ආයෝජනය කර තිබෙනවා.

