බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු ඉවත් වීමට තීරණය කරයි

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු ඉවත් වීමට තීරණය කරයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඇලන් ඩොනල්ඩ් එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ලෝක කුසලාන තරඟාවලිය අතරතුර දී බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ඔහුට දන්වා තිබුණේ, ඔහුගේ කොන්ත්‍රාත්තුව තවත් වසරක් සඳහා දීර්ඝ කරන බවයි.

සිය පවුලේ කටයුතු සඳහා වැඩි කාලයක් වෙන් කිරීමට තමා එම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කළ ද ඇලන් ඩොනල්ඩ් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ගේ තීරණයට එකඟ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගියදා ශ්‍රී ලංකා – බංග්ලාදේශ ලෝක කුසලාන තරඟයේ දී ඇන්ජලෝ මැතිව්ස් Time Out ලෙස දවාගැනීම සම්බන්ධයෙන් ඩොනල්ඩ්, බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් සහ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් විවේචනය කර තිබෙනවා.