දූෂණ ක්‍රිකට් ආයතන සියල්ල විසුරුවා හරිනවා

ලංකාවේ ඇති දූෂණ ක්‍රිකට් ආයතන සියල්ලම විසුරුවා හරින බව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.
අමාත්‍යවරරයා මේ බව සඳහන් කරන ලද්දේ අද (11) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
” මහනුවර කිව්වොත් ක්‍රිකට් හොර ගුහාවක්. මහනුවර ක්‍රිකට් හොරුන්ගේ පාරාදීසයක්. මේවා විසුරුවා හරින්න. ලංකාවෙම ක්‍රිකට් ආයතන සියල්ල මට තියෙන බලතල ප්‍රකාරව විසුරුවා හරිනවා. අවුරුදු හතරකට වඩා බලතල තියෙන කිසිම කෙනෙකුට ඉල්ලන්න බෑ, මෙතන තියෙන ජාතික ක්‍රීඩා අභියාචනා කමිටුව තව පුළුල් කරලා ලංකාවෙම දූෂණ ටික විමර්ශනයට ගන්නවා. මේ ක්‍රිකට් එක හදන්නනම්. ඒ අරගෙන පනතේ බලතල තියෙනවා ජීවිතාන්තය දක්වා සංගම්වලට ඉල්ලන්න බැරිවෙන්න නීතිය ගෙන්න. මං මේ හංගලා ගහන්නෑ. කියන්න තියෙන දේ කියන්න එපැයි. ඒ ටික ගෙනල්ලා මේ අයට සංගම්වලට ඉල්ලන්න බැරි කරන්න ඕන. ක්‍රිකට් එක හදන්න බෑ නැත්නම්. ඒ කරලා ක්‍රිකට් එකත් අධිකරණයට ගිහිල්ලා පිළිගත්ත නීති රාමුවක් තියෙනවා, අන්න ඒකට ක්‍ර්‍රීඩා සංගම් නැවත ස්ථාපනය කරන්න ඕන. ඒකට ඔබතුමන්ලගේ සහාය ඕන. සමහරු සංගම් හතර පහේ ඉන්නවා.ඊයේ ඩීජී හෙනල්ලා කිව්වා වහාම ලිපි ලියන්න කියලා, සංගම් දෙක තුනක ඉන්නවනම් වහාම අහෝසි කරන්න කියලා. ඒ දේ කරලා අපිට පුළුවන් පනත සම්මත කරගෙන ඊට පස්සේ අලුත් සංගම් ටික පිහිටවලා නිලවරණයකට යන්න. සමහර විට මාස 6ක් යන්න පුළුවන්. මාස අටක් යන්න පුලුවන්. ඒ අතර තුළ අපිට තියෙන්නෙ අහන්න Iccයෙන් අහන්න. ද්වේශ සහගත ලෙස ඇයි අපිව තහනම් කළේ කියලා.
ලංකාවේම තියෙන දූෂිත ක්‍රීඩා සංගම් මම විසුරුවා හරිනවා” – “පනත සම්මත කරලා නිලවරණයට යනවා”

