දෙමහල් නිවසක ඇති වූ ගින්නකින් සිංගප්පූරු ජාතිකයෙක් මරුට

දෙමහල් නිවසක ඇති වූ ගින්නකින් සිංගප්පූරු ජාතිකයෙක් මරුට

බත්තරමුල්ල, දකුණු වටරවුම පාර ප්‍රදේශයේ දෙමහල් නිවසක අද (11) අලුයම ඇති වූ ගින්නකින් විදේශීය ජාතිකයෙකු මියගියා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ විදේශීය ජාතිකයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය බවයි.

ගින්න හට ගන්නා අවස්ථාවේ විදේශීය ජාතිකයා උඩු මහලේ නාන කාමරයේ සිට ඇති අතර, ඔහුගේ බිරිඳ හා සේවිකාවක නිවසේ සිට ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළා.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 68ක් හැවිරිදි සිංගප්පූරු ජාතිකයෙකු වන අතර. ඔහු පෞද්ගලික ඉන්ජිනේරු සමාගමක් යටතේ වායු සමීකරණ ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.

ගින්න ඇති වීමට හේතුව අනාවරණය කර ගැනීමට රජයේ රස පරීක්ෂක කැඳවා ඇති අතර, තලංගම පොලීසියේ කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණාගාරය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

COMMENTS