ICC තීරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඩොලර් මිලියන 50ක අලාභයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී අද (11) කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ පළකළ අදහස් පහතින් දැක්වේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තහනම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා විශාල මූල්‍ය පාඩුවක් සිදු විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා.
“පොලීසියෙන් කිව්වා මට ගෙදර ඉන්න එපා කියලා. තරඟ පැරදෙන එක නෙමෙයි ප්‍රශ්නය. අපිට හොරු කියන එක. කණ්ණාඩිය ඉස්සරහට ගියානම් පෙනෙයි ඇමතිට කවුද හොරා කියලා.”
“උසාවි යන්න. ඇමති ජපානයට යයි. අපි යන්නේ නැහැ මේ රට දාලා. අපි මේක අතහරින්නේ නැහැ. අපි එයාට දුන්නා ලක්ෂ 2900ක් ක්‍රීඩාවලට වියදම් කරන්න. මෙයාගේ හිතවතුන්ට තමයි මේ සල්ලි වියදම් කළේ. මේකේ විගණනය දෙන්න කියන්න.”
“අපේ ආදායමෙන් 20%ක් එයාගේ අමාත්‍යාංශයට එවන්න කියලා ලියුමක් එව්වා. අපි බැහැ කිව්වා. අපිත් එක්ක තරහව පටන්න ගන්න පළවෙනි හේතුව මේක.”
“ICC වැඩේට මම 21 යනවා. ජනාධිපතිතුමාටත් මම කතා කරනවා.”
“එයාව අපි ගෙනියන්නම් වෙන තැනකට. මෙයා හිතන් ඉන්නේ ගිනස් එකට යන්න පුළුවන් හොඳම ඇමති එයා කියලා.”
“දේශපාලකයෙක් නිසා නැති වෙන්නේ රටේ ක්‍රිකට්. තනි මිනියෙක් බොරු කියනවා. අනික් අය හොයන්නේ නැතුව ඔව් ඔව් කියනවා.”
“ICC මේක අයින් කළේ නැත්නම් ඩොලර් මිලියන 50ක අලාභයක් අවම වශයෙන් වෙනවා ලබන අවුරුද්දට. මං දන්නේ නැහැ මොනවා වෙයිද කියලා.”
“ඇමතිගේ බලය අඩු කරන්න ඕනේ. මේ බලයත් එක්ක ක්‍රීඩාව දියුණු කරන්න බැහැ.. මේ වගේ ඇමති කෙනෙක් ආවොත්.”
“ලෝක කුසලානයක් යනකොට ඒ මිනිස්සුන්ගේ වැටුප ගැන කියනවා. ඒ මිනිස්සු මානසිකව වැටෙනවා. මොන රටේද මෙහෙම කරන්නේ. ඒ මිනිස්සු බය වෙනවා රැකියා ආරක්ෂාව නෑ කියලා.”
“දුෂ්මන්ත චමීරවයි වනිඳුවයි 15 දාලා අපි යැව්වේ. එයා අපෙන් ෆිට්නස් ටෙස්ට් ඉල්ලුවා. ඒ නම් දෙක කපලා එවන්න කිව්වා.”
“මම ඉන්දියාවට ගියේ නැහැ. ඔය කියන කොළඹ හෝටලයේ CCTV කාලා බලන්න. මොළයක් නැද්ද. මේවා රෑට තියෙන නාට්‍ය.”
“මිනිස්සුන්ට කන්න නැහැ… ඒත් ලංකාවේ තියෙන එකම ප්‍රශ්නය ක්‍රිකට්.”
“ICC කියලා පැය ගාණක් ඇතුළත මට මෙහෙම කරන්න පුළුවන් නම් මං මාර පොරක්නේ.”
“මම ජයපැන් බිව්වේ නැහැ. ඊයේ මම බිව්වේ ෆෘට් ජූස්.”
“මට ජනාධිපති සහතිකයක් දුන්නොත් මම ගිහින් කතා කරනවා.”

