අයවැයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට නව යෝජනා

2024 අයවැයෙන් ප්‍රවාහ ක්ෂේත්‍රයට ඉදිරිපත් වූ යෝජනා පහත දැක්වේ.
බස්නාහිර පළාත තුල ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධව විද්‍යුත් බස්රථ 200ක් ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම.
2024දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම.
මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ප්‍රවේශ මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 1.5ක් වෙන් කිරීම.
පිටකොටුව, ගාල්ල, මාතර, අනුරාධපුරය සහ යාපනය වැනි මහනඟර සහ සංචාරක ගමනාන්ත ආශ්‍රිත දුම්රිය ස්ථාන පදනම් කර ගනිමින් රාජ්‍ය – පෞද්ගලික ව්‍යවසායක සහයෙන් දුම්රිය ස්ථාන නඟර බිහිකිරීම.

