උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් විශ්වවිද්‍යාල කිරීමට යෝජනා

උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් විශ්වවිද්‍යාල කිරීමට යෝජනා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 අයවැය යෝජනාවෙන් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ නීති රීති සම්මත කළ යුතු බව ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා සඳහන් කළේ එන් එස් බී එම් (NSBM), ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT), හොරයිසන් කැම්පස්, රෝයල් කැම්පස් යන උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් මෙලෙස යෝජනා ඉදිරිපත් කරන බවයි.

13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලටත්, විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ බලය ලබා දී තිබෙන බවත්, ඉදිරියේ දී පළාත් සභා මඟින් ද විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.