මහපොළ සහ ශිෂ්‍යාධාර සඳහා අයවැයෙන් මිලියන 2,500ක්

2024 අයවැයෙන් මහපොළ සහ ශිෂ්‍යාධාර සඳහා රුපියල් මිලියන 2,500ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
පාසල් ළමුන්ගේ සුරක්ෂා රක්ෂණාවරණය වෙනුවෙන් රුපියල් මිලියන 2,000ක් ද, නොමිලේ ලබා දෙන පාසල් පෙළ පොත් සඳහා රුපියල් මිලියන 20,000ක් ද නිල ඇඳුම් සඳහා රුපියල් මිලියන 6,000ක් ද අයවැයෙන් වෙන් කරයි.
ගුරු අභිමානී පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් මිලියන 550ක් ද, දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන්ගේ සපත්තු සඳහා රුපියල් මිලියන 2,500ක් ද 05 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර සඳහා රුපියල් මිලියන 938ක් ද වෙන් කරයි.
2024 අයවැයෙන් රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල සිසුන් වෙත ලබාදෙනු ලබන පොළී රහිත ණය යෝජනා ක්‍රමය සඳහා රුපියල් මිලියන 2,000ක් හා පාසල් සහ උසස් අධ්‍යාපන වාර ප්‍රවේශ පත්‍ර සඳහා රුපියල් මිලියන 10,500ක් වෙන් කළ බව ජනපති ප්‍රකාශ කළා.

