ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයට ක්‍රීඩා ඇමතිගෙන් පිළිතුරු

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය නිවැරදි නොවන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
ඉදිරියේ දී අතුරු කමිටු පත්කරන්නේ නම්, ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිය ද, ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ඉදිරි අතුරු කමිටු පත්කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ කැබිනට් නියෝගයක් ලැබී නොමැති බවයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට ලබා දී තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යවරයා සිය අමාත්‍යාංශ ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එවැනි කිසිදු කැබිනට් නියෝගයක් හෝ සාකච්ඡාවක් නොතිබූ බැවින් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය නිවැරදි කළ යුතු බවයි.

