බිහිසුණු අනතුරකින් හයදෙනෙකු රෝහලේ

කහතුඩුව පොල්ගස්ඕවිට මංසන්ධියේ දී බස් රථයක් සහ සුඛෝපභෝගී වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තුවාල ලැබූ පාසල් සිසුවියක් ඇතුළු 6 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මත්තේගොඩ දෙස සිට පැමිණි වෑන් රථයක් කොළඹ දෙසට හැරවීමට සූදානම් වීමේ දී කැස්බෑව දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් ගමන් ගත් පෞද්ගලික බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරත් සමඟ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා කහතුඩුව පොලිසිය වෙත භාරවී තිබෙනවා.
අනතුරින් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ රියදුරු,එහි ගමන් ගත් පුද්ගලයෙකු, බස් රථයේ ගමන් ගත් පාසල් සිසුවියක සහ කාන්තාවන් තිදෙනෙක්.
අනතුර සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

