හමාස් නායකයාගේ නිවසට ප්‍රහාරයක්

ඊශ්‍රායල ගුවන් හමුදාව නිවේදනය කළේ හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ගේ නිවසට ප්‍රහාර එල්ල කළ බවයි.
ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා මඟින් එම ප්‍රහාර එල්ලකර තිබෙනවා.
ඔහු කටාරයේ ජීවත් වන අතර, ඊශ්‍රායලය පැවසුවේ හමාස් නායකයාගේ නිවස ත්‍රස්ත ක්‍රියා සඳහා භාවිත කරන ස්ථානයක් බවට හඳුනාගෙන ඇති බවයි.
මේ අතර ගාසා තීරයේ, ඔක්තෝබර් 07 වනදායින් පසුව සිදු කළ මෙහෙයුම් හේතුවෙන් මේ දක්වා ඊශ්‍රායල භටයින් 50ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල හමුදා බලධාරීන් වැඩිදුරටත් පවසනවා.

